Posted by: dhananjayas | March 17, 2008

විද්‍යාව;විද්‍යාත්‍මක පදනම හා අපි..(Science;Scientific foundation and We..)

ධනංජය අත්‍තරගම…

අද ලෝකය විද්‍යාත්‍මක වශයෙන්‍ දියුණුවෙන්‍ දියුණුවට පත්‍ වෙමින්‍ ;තවත්‍ ඉදිරියට පියමන්‍ කරමින්‍ සිටියි.එසේ නම්‍ අද අප ජීවිතයේ විද්‍යාව හා සබදතාවයන්‍ පවත්‍වයි.එනම්‍ අප සමාජය කෙරෙහි විද්‍යාව දක්‍වා ඇති බලපෑම අනල්‍පය.විද්‍යාව තුලින්‍ මානව සංහතියෙහි ජීවන රටාවේ හා ආකල්‍පමය වශයෙන්‍ වෙනසක්‍ ඇති වූ බව පිළිගත යුතුමය.

මිනිසාට අද නොයෙකුත්‍ සුඛ විහරණයන්‍ ද ලබා දුන්‍නේත්‍ විද්‍යාව යි.නොයෙකුත්‍ නවීන භෞතිකමය උපකරණ තුලින්‍ මිනිසාගේ එදිනෙදා ක්‍රියාවන්‍ රාශියක්‍ පහසු කොට තිබේ.එමෙන්‍ම ඉපැරණි මිත්‍යාමත වල එල්‍බ සිටි මානව සමාජයේ නොයෙකුත්‍ කණඩායම්‍ නියම යථාර්‍ථයට එළබීමට ද විද්‍යාව ඉවහල්‍ විණැයි මට සිතේ.ශත වර්‍ෂ ගණනාවකට ඉහත විශ්‍වයේ කේන්‍ද්‍රය පෘථි‌‌‌විය යැයි මිනිසා අදහස්‍ කලාට අද අප එය පිළි නොගනී.ඒ සදහා කොපර්‍‍නිකස්‍ ගේ නක්‍ෂත්‍ර විද්‍යානුකූල සොයා ගැනීම්‍ ද දායක විය.ඒ වගේම මෙලොව ජීවී අජීවී කොටස්‍ සියල්‍ලම දෙවියන්‍ විසින්‍ මවන ලදැයි එකල සමහර කණ්‍ඩායම්‍ සිතුවාට අද අප එය පිලි නොගනී.විශේෂයෙන්‍ චාල්‍ස්‍ ඩාවින්‍ ගේ වාදය වැනි කරුණු අධ්‍යයනය ඊට හේතු පාදක විය.

පුරාතනයේ විසූ මිනිසා මෝඩයෙකු ලෙස සිතීම වැදගත්‍ නොවේ.කිමද?ඔහු එකල සිට ආ ගමන්‍ මගක ප්‍රතිඵලයි අද අප භුක්‍ති විදින්‍නේ.ඉතා ගැබුරින්‍ විශ්‍ලේශණය කර බලන කල විද්‍යාව යනු ඉගෙනුම හෙවත්‍ දැනුම යැයි කිව හැකියි.අතීතයේ තිබූ මිත්‍යා මත ,බිය ජනක ස්ව‍භාවය මිනිස්‍ සිතින්‍ තුරන්‍ කොට ;එම ගුප්‍ත දේ පිළිබදව සැබෑ යථාර්‍ථවාදී බවක්‍ මිනිසාට ලබා දෙන්‍නට විද්‍යාව සමත්‍ වී ඇත.නව සොයා ගැනීම්‍ උදෙසා කුතුහලයෙන්‍ පිරි මිනිස්‍ සිත්‍ තුලට ;හුදෙක්‍ ගංගා නිම්‍න වැනි ශිෂ්‍ටාචාරයන්‍ තුලින්‍ ඇති වූ නිදහස්‍ කෘෂිකාර්‍මක දිවි පෙවතත්‍ හේතු පාදක වුණි.

එසේ නම්‍ අද විද්‍යාවෙන්‍ ලැබූ පන්‍නරය නවීනත්‍වයෙන්‍ නවීනත්‍වය කරා ගමන්‍ කරමින්‍ අද අපි සුඛ විහරණයන්‍ගෙන්‍ සුඛිත මුඛිත වූ පරිසරයක ජීවත්‍ වෙමු.නමුදු මිනිසා අද මුහුණ පාන ගැටලු පැන නැගුනේ විද්‍යාව නිසා යැයි තකමින්‍ විද්‍යාවටත්‍ ,විද්‍යාඥයින්‍ටත්‍ බලවත්‍ විවේචනයන්‍ එල්‍ල වෙමින්‍ පවතී.මෙහිදී අප අවධාරණය කල යුතු කරුණු වන්‍නේ;විද්‍යාවත්‍ මිනිසා ගේ නිර්‍මාණයක්‍ බවත්‍ ,එපමණක්‍ නොවේ ස්‍වභාවයෙන්‍ම විද්‍යාව හොද ද නරක ද නොවන බවත්‍ ය.එසේ නම්‍ එහි හොද නොහොද තීරණය වෙන්‍නේ මිනිසාගේ නිගමනයන්‍ හා ඔහු විද්‍යාව භාවිත කරන්‍නේ හොදට ද නරකට ද යන්‍න මතයි.

මුලු විශ්‍වයේ ම ජීවත්‍ වන බුද්‍ධිමත්‍ම ,දියුණුම සත්‍ව කොට්‍ඨාශය අප යැයි සිතීම ප්‍රඥා ගෝචර නොවේ.සාධාරණ නොවේ.කිමද? එකල මෙන්‍ නොව අද අප ;පෘථිවිය පවතින්‍නේ සූර්‍ය ග්‍රහ මණ්‍ඩලයක ,එවැනි සූර්‍ය ග්‍රහ මණ්‍ඩල රාශියක්‍ අපේ චක්‍රාවාටයේ (ක්‍ෂීරපතයේ )පිහිටා තිබෙනවා ;එවැනි තවත්‍ චක්‍රාවාට රාශියක්‍ පිහිටා තිබෙනවා යැයි කියාවත්‍ අඩුම තරමේ දැනුමක්‍ හෝ අප සතු වන බැවිනි.

එසේ නම්‍ අපි විශ්‍වයේ සංකීර්‍ණ ජීවී ජාලයක කොටසක්‍ වන මෙන්‍ම පෘථිවියේ බුද්‍ධිමත්‍ම සත්‍වයා ලෙස ද අප විද්‍යාත්‍මකව ලබන ශක්‍තිය මනා කලමණාකරණයකට (Energy management) ලක්‍ කල යුතුමය.අපගේ නව බලතල සහ කාර්‍මක ක්‍රියාවලි මගින්‍ දැනටමත්‍ ගැටලු රාශියක්‍ පැන නගිමින්‍ ස්‍වාභාවික චක්‍ර කෙරෙහි අනිසි බලපෑමක්‍ ඇති කරමින්‍ ස්‍වභාවධර්‍මයේ තුල්‍යතාව අවුල්‍ කර ඇති බව කිව මනාය.මේ ක්‍රියා අපගේ අනාගත ජීවන පැවැත්‍මට සුවිශාල තර්ජනයකි.ඒ නිසා හොදම දේ ස්‍වභාවධර්‍මය සමග තරග නොකොට ඊට හැකි තාක්‍ එකගව ජීවත්‍ වෙමින්‍ අප විද්‍යාත්‍මක පන්‍නරය ලැබීමයි.විද්‍යාව යනු පුඵල්‍ සීමාරහිත අර්‍ථයකි.එය සැබවින්‍ම ගත්‍ කල ස්‍වාභාවික සංසිද්‍ධීන්‍ හා එවැනි සංසිද්‍ධීන්‍ අතර පවත්‍නා අනොන්‍යය සම්‍බන්‍දතා පිලිබද අර්‍ථකථනයෙන්‍ පුළුල්‍ වු සංවිධානාත්‍මක දැනුමයි.මේ දැනුම ලබා ගැනීමට විද්‍යාඥයන්‍ අනුගමනය කරනා ක්‍රමය නම්‍ විද්‍යාත්‍මක ක්‍රමවේදය හෙවත්‍ විද්‍යාත්‍මක ක්‍රමයයි.සමස්‍තයක්‍ වශයෙන්‍ ගත්‍ කල එය පැහැදිලි අනුපිළිවෙලකින්‍ යුක්‍ත වූ ස්‍වභාවධර්‍මය පිලිබද තොරතුරු එක්‍ රැස්‍ කරන කාර්‍යක්‍ෂම ආයුධයක්‍ වන්‍නේ ය.

විද්‍යාත්‍මක ක්‍රමය…(Scientific method)

01.නිරීක්‍ෂණය.

02.අධ්‍යයනය කල යුතු වන්‍නාවූ ගැටලුව කුමක්‍දැයි පැහැදිළිව වැටහීම ලබා ගැනීම.

03.අදාල තොරතුරු එක්‍ රැස්‍ කිරීම.

04.කල්‍පිතයන්‍ ගොඩ නැගීම.

05.කල්‍පිතයන්‍ එකිනෙක විභාග කිරීම.

06.කල්‍පිතය ස්‍ථීර කිරීම,සංශෝධනය කිරීම එසේ නැතහොත්‍ ප්‍රතික්‍ෂේප කිරීම.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: