ප්රාචීරය නැමති විශාල අර්ධ කවාකාර පේශිය අපට හුස්ම ගැනීමට උපකාරී වේ. සමහරක් වෙලාවට මෙම ප්රාචීරය දැගලීමට හෝ කැසීමට ලක් වේ. එවිට ප්රාචීරය පාලනයකින් තොරව ගැස්සීමට හා හැකිලීමට (සංකෝචනයට) ලක්වේ. මෙසේ හැම හැකිලීමකට වරක්ම වාතය පෙනහළු වලට ඉතා ඉක්මනින් ගලා ඒ. මෙම වාතය ගමන් කරනුයේ ස්වරාලය හරහාය. ස්වර තන්තු කම්පනය කරමින් වේගයෙන් ගමන් ගන්නා වාතය නිසා රසදිව ක්ෂණිකව වැසේ. මෙම කම්පනය තුලින් අපට හුරු පුරුදු “ඉක්” යන ශබ්දය නැගෙයි.
මෙලෙස ප්රාචීරයේ ඇති වන ගැස්මට නොයෙකුත් හේතු ඇත. වේගවත්ව අහාර ගැනීම, ඉක්මන් ආතතිය හා සමහර රෝගද ඒ අතර වේ. ඉක්කා සදහා නොයක් ජනප්රිය පිළියම් ඇත. නාසය, කට තදකර ගෙන තරමක් වෙලා සිටීම හෝ කොල උරයකට ආශ්වාස ප්රශ්වාස කිරීම මගින් පෙනහළු වල කාබන්ඩයොක්සයිඩ් ප්රතිශතය ඉහල යෑම ප්රාචීරයේ ගැස්ම අඩු කර ඉක්කාව නවතයි.
Leave a Reply