Posted by: Lakmal Warusawithana | March 5, 2008

අශ්වයන් හිටගෙන නිදා ගනීද?

ඔව් අශ්වයන්ට හිටගෙන නිදා ගත හැක.

අප හිටගෙන සිටින අතර නින්දට වැටුනහොත්, ටික වේලාවකින් අපගේ මස් පිඩු ලිහිල් වී, අපව බිමට ඇදගෙන වැටෙනු ඇත. එයට හේතුව හිටගෙන සිටීමට අපගේ මාංශපේශි කීපයක් ආතතිව පැවතිය යුතු අතර එය සචේතනිකව පාලනය (conscious control) වන්නකි. අප නින්දට වැටෙන විට මෙම සචේතනිකව පාලනය නැති වන අතර, මෙනිසා අපට හිටගෙන සිටිය නොහැක.

බොහෝ විට අශ්වයන් නිදා ගැනීමට බිම දිගා වන නමුත්, උන්ට හිටගෙන අඩ නින්දට පිවිසිය හැක. මෙයට හේතුව කැලෑ අශ්වයන්, උන්ට යම්කිසි අනතුරක් දැනුණු විගස ඉක්මනින් දිවීමට හැකි නිසා හිටගෙන සිටින අතර තුර අඩ නින්දට වැටෙයි. එසේම නිතර නිතර වාඩි වී නැගිටීමෙදී උන්ගේ හන්දි වලට සිදුවන හානියද මෙයින් අවම වේ.

මේ සදහා අශ්වයන්ට පරිනාමයෙන් ලැබී ඇති “stay apparatus” නම් උපක්‍රමය උපකාරී වේ. එනම් මාංශපේශි ලිහිල් වුවත් හිටගෙන සිටිය හැකි වනසේ ස්නායු හා අස්ථිබන්ධන සකස් වීමයි. එසේම මෙම stay apparatus උපක්‍රමය හිටගෙන සිටින විට ඇති වන තෙහෙට්ටුව අවම කර ගැනීමටත් උන්ට උපකාරී වේ.

Leave a response

Your response:

Categories