Posted by: Lakmal Warusawithana | February 29, 2008

මල්වෙඩි ක්‍රියා කරනුයේ කෙසේද?

මල්වෙඩි වල නිපැයුම් කරුවෝ චීන ජාතිකයන්ය. ඒ මීට අවුරුදු 1000 කටත් එපිටදීය.

මල්වෙඩි අදියර දෙකකින් යුත් රොකට්ටුවක් ලෙස සිතිය හැක. පලමු අදියර නිපදවා ඇත්තේ වෙඩි බෙහෙත් උපයෝගි කර ගෙනය. එයත් චීන ජාතිකයින්ගේ සොයා ගැනීමකි. වෙඩි බෙහෙත් දහනයෙන් නිපදවන රත් වූ වායූ දාරාව පහලින් ඇති කුඩා සිදුරකින් පිට වීමට සැලසීමෙන් මල්වෙඩි ඉහල අහසට යයි. පලමු අදියරේ දහනය අවසන් වූ විට දෙවන අදියරේ දහනය ආරම්භ වේ.

දෙවන අදියරේදී දහනය සිදුවනුයේ සම්පූර්ණයෙන්ම වැසුණු කුටියක් තුලය. මේ සදහා වෙඩි බෙහෙත් වලට අමතරව ඔක්සිකාරක ද්‍රව්‍යක්ද එය තුල අඩංගු කර ඇත. මෙම ඔක්සිකාරක ද්‍රව්‍යයෙන් සපයන ඔක්සිජන්; දහනය වේගවත් කරන අතර, එනිසා කුටිය තුල පීඩනය වැඩි වී විශාල ශබ්දයක් නගමින් පුපුරා යයි. එසේම නොයෙකුත් ලෝහ වර්ග මෙම කුටියට අඩංගු කිරීම තුලින් ඒවා දහනයෙන් ඇතිකරන ‌වෛවර්ණ ගිනි පුළිඟු මල්වෙඩි අලංකාර කරයි.


Responses

  1. හරවත් වටිනා විද්‍යා ලිපි පෙලක්! ස්තූතියි ඔබට මෙලෙස බොහෝ වැදගත් එමෙන්ම නිතර කියවන්ට නොලැබෙන දේ ලියා පල කරනවට,මමත් නොදැන සිටි ඇතැම් දේ ඔබ ලියූ ලිපි තුලින් දැනගත්තෙමි. අන්තර්ජාලය පරිශිලනය කරන දුවා දරුවන්ට මෙය මහඟු දැනුම් උල්පතක් වෙනු නොඅනුමානය.


Leave a response

Your response:

Categories