Posted by: Lakmal Warusawithana | February 28, 2008

මයික්‍රෝවේව් උදුන ක්‍රියා කරනුයේ කෙසේද?

මුලින්ම අප ජල අණු, තාපය හෝ රත්වීම හා අනුනාදය ගැන ටිකක් විමසමු. ජල අණුවක් සෑදී ඇත්තේ හයිඩ්‍රජන් (H) පරමාණු 2 ක් හා ඔක්සිජන් (O) පරමාණුවක් , (H2O),එකට බන්ධනය වීමෙනි . ජල බිංදුවක මෙවැනි H2O අණු ට්‍රිලියන ගණනක් ඇති අතර ඒවා නිරන්තර චලිතයක යෙදෙමින් පවතී. ඒවා එකිනෙකට සාපේක්ෂව එහාමෙහා යමින්ද, කැරැකැවෙමින්ද එපමණක් නොව ඒවායේ පරමාණු අතර කම්පනයටද බඳුන්ව පවතී. උෂ්ණත්වයෙන් වැඩි ජල බිංදුවක මෙවැනි චලන හා කම්පන වේගවත්ව පවතී. එනම් තාපය හෝ රත්වීම යනු මෙම අණු අතර ඇති අනිශ්චලතාවයයි.

එසේම යම් වස්තුවක් හෝ අණුවක් එහි ස්‍වාභාවික කම්පන සංඛ්‍යාතයට පැමිණි විට වේගයෙන් කම්පනය වීමට පටන් ගනී. මෙය අනුනාදය ලෙස හැදින්වේ. මෙය පිලිබඳව අප ඉදිරියේදී (වෙනත් ඇයි ? ගැටළුවකදී) වැඩිදුර කතා කරමු.

මයික්‍රෝවේව් උදුන මගින් ජල අණුවල ස්‍වාභාවික කම්පන සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍ර තරංග නිකුත් කරයි. මෙනිසා ජල අණු අනුනාද වී වේගයෙන් කම්පනය වේ. මෙසේ වේගයෙන් කම්පනය වන ජල අණු අනිකුත් අණු (කෑම අණු) මත හැපීමෙන් ඒවායේ කම්පන වේගයද වැඩි කරයි. මෙසේ අණු කම්පන වේගය වැඩි වීම අපගේ කෑම උණුසුම් වීමට හේතු වේ.


Responses

  1. ජලය සීතල වීමේදී අණු ක්‍රියා කරන්නේ කෙසේද


Leave a response

Your response:

Categories