Posted by: Lakmal Warusawithana | February 27, 2008

දේදුන්නක් හට ගන්නේ කෙසේද?

දේදුන්නක් යනු සොබාදහමේ හට ගන්නා ඉතා චමත්කාරජනක සංසිද්ධියකි. සාමාන්‍යයෙන් වැස්ස අවසන් වී හිරු එළිය මුලින්ම පතිත වනවිට දේදුනු හට ගනී. නමුත් ඉතා කුඩා වතුර බිඳිති හරහා හිරු එළිය ගමන් ගන්නා කුමන අවස්ථාවක වුවද දේදුන්නක් දිස්විය හැක.

වැහි බිංදු හෝ වතුර බිංදු හරහා හිරු එළිය ගමන් කිරීමේදි සිදුවන වර්තනය (refraction) (නැමී ගමන් කිරීම) මෙයට හේතු වේ. මෙහිදී වැහි බිංදු ප්‍රිස්මයක් ආකාරයට කියා කරයි. සුදු අලෝකය (හිරු එළිය) සෑදී ඇත්තේ වර්ණ සමුහයකින් සමන්විත වර්ණාවලියකිනි. සුදු අලෝක කිරණ ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී මෙම වර්ණාවලියට බෙදී ගමන් කරයි. කෙටි තරංග ආයාමයකින් යුත් අලෝක කිරණ ප්‍රිස්මය තුලදී වැඩියෙන් නැමී ගමන් කරයි. මෙනිසා දේදුන්නක් ඇති විමේදී එහි වර්ණ පිළිවෙලින් (ඇතුල් පැත්තේ සිට) දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිළි හා රතු ලෙස දිස් වේ.

වතුර ස්ප්‍රේ යන්ත්‍රයකින් හිරු එළිය දෙසට එල්ල කර ස්ප්‍රේ කිරීමෙන් ඔබටද කුඩා දේදුන්නක් නිර්මාණය කර ගත හැක.


Leave a response

Your response:

Categories