“විද්‍යාව වියුණ” අලුත් නමකින් අලුත් තැනකට ගෙන යන්න සිතුවෙමි. “wordpress.com” හි ඇති “Limitation” මග හරවා ගැනීම ප්‍රධාන අරමුණයි. අද සිට සියලුම ලිපි අලුත් ලිපිනය ඔස්සේ පලකරනු ඇත.
අලුත් ලිපිනය http://vidyava.viyuna.net/
ස්තූතියි.
Posted in සටහන්
“විද්‍යාව වියුණ” අලුත් නමකින් අලුත් තැනකට ගෙන යන්න සිතුවෙමි. “wordpress.com” හි ඇති “Limitation” මග හරවා ගැනීම ප්‍රධාන අරමුණයි. අද සිට සියලුම ලිපි අලුත් ලිපිනය ඔස්සේ පලකරනු ඇත.
අලුත් ලිපිනය http://vidyava.viyuna.net/
ස්තූතියි.
Posted in සටහන්
සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා සල්ෆර් ට්‍රයොක්සයිඩ් (SO3) ආම්‍ලික ඔක්සයිඩයන්ය. ඒවා ජලය සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆියුරස් අම්‍ලය හා සල්ෆියුරික් අම්‍ලය සාදයි. වායුගෝලයේ SO2 හා SO3 අණු වල සාන්‍ද්‍රනය වැඩි වීම හේතුවෙන් අම්‍ල වැසි නම් අහිතකර වැසි ඇතිවේ.
වායුගෝලයට SO2 එකතු කරන ප්‍රභවයන් කීපයක් වේ. ගිනිකඳු පිපිරීම එවැනි ස්වාභාවික ප්‍රභවයකි. එසේම බොහෝ ලෝහ ස්‍වාභාවිකව පවතින්‍නේ සල්‍ෆර් සමඟ මිශ්‍ර වීය. මේවා පිරිපහදුවේදී උණු කිරීමට හෝ අධික ලෙස රත් කිරීමට ලක් කරන අතර; එවිට මෙම සල්‍ෆර්, ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. බොහෝ විට මෙසේ නිකුත් වන SO2 ; වාතයේ ඇති O2 සමඟ එකතු වී SO3 සාදයි.
මෙම අම්‍ල වැසි; පාෂාණ ප්‍රතිමා, ගොඩනැගිලි, වනාන්තර හා ජලජ ජීවීන්ට ඉතා අහිතකර වේ.
Posted in ඇයි ?
ධනංජය අත්‍තරගම…
අද ලෝකය විද්‍යාත්‍මක වශයෙන් දියුණුවෙන් දියුණුවට පත් වෙමින් ;තවත් ඉදිරියට පියමන් කරමින් සිටියි.එසේ නම් අද අප ජීවිතයේ විද්‍යාව හා සබදතාවයන් පවත්‍වයි.එනම් අප සමාජය කෙරෙහි විද්‍යාව දක්‍වා ඇති බලපෑම අනල්‍පය.විද්‍යාව තුලින් මානව සංහතියෙහි ජීවන රටාවේ හා ආකල්‍පමය වශයෙන් වෙනසක් ඇති වූ බව පිළිගත යුතුමය.
මිනිසාට අද නොයෙකුත් සුඛ විහරණයන් ද ලබා දුන්‍නේත් විද්‍යාව යි.නොයෙකුත් නවීන භෞතිකමය උපකරණ තුලින් මිනිසාගේ එදිනෙදා ක්‍රියාවන් රාශියක් පහසු කොට තිබේ.එමෙන්‍ම ඉපැරණි මිත්‍යාමත වල එල්‍බ සිටි මානව සමාජයේ නොයෙකුත් කණඩායම් නියම යථාර්‍ථයට එළබීමට ද විද්‍යාව ඉවහල් විණැයි මට සිතේ.ශත වර්‍ෂ ගණනාවකට ඉහත විශ්‍වයේ කේන්‍ද්‍රය පෘථිවිය යැයි මිනිසා අදහස් කලාට අද අප එය පිළි නොගනී.ඒ සදහා කොපර්‍නිකස් ගේ නක්‍ෂත්‍ර විද්‍යානුකූල සොයා ගැනීම් ද දායක විය.ඒ වගේම මෙලොව ජීවී අජීවී කොටස් සියල්‍ලම දෙවියන් විසින් මවන ලදැයි එකල සමහර කණ්‍ඩායම් සිතුවාට අද අප එය පිලි නොගනී.විශේෂයෙන් චාල්‍ස් ඩාවින් ගේ වාදය වැනි කරුණු අධ්‍යයනය ඊට හේතු පාදක විය.
පුරාතනයේ විසූ මිනිසා මෝඩයෙකු ලෙස සිතීම වැදගත් නොවේ.කිමද?ඔහු එකල සිට ආ ගමන් මගක ප්‍රතිඵලයි අද අප භුක්‍ති විදින්‍නේ.ඉතා ගැබුරින් විශ්‍ලේශණය කර බලන කල විද්‍යාව යනු ඉගෙනුම හෙවත් දැනුම යැයි කිව හැකියි.අතීතයේ තිබූ මිත්‍යා මත ,බිය ජනක ස්වභාවය මිනිස් සිතින් තුරන් කොට ;එම ගුප්‍ත දේ පිළිබදව සැබෑ යථාර්‍ථවාදී බවක් මිනිසාට ලබා දෙන්‍නට විද්‍යාව සමත් වී ඇත.නව සොයා ගැනීම් උදෙසා කුතුහලයෙන් පිරි මිනිස් සිත් තුලට ;හුදෙක් ගංගා නිම්‍න වැනි ශිෂ්‍ටාචාරයන් තුලින් ඇති වූ නිදහස් කෘෂිකාර්‍මක දිවි පෙවතත් හේතු පාදක වුණි.
එසේ නම් අද විද්‍යාවෙන් ලැබූ පන්‍නරය නවීනත්‍වයෙන් නවීනත්‍වය කරා ගමන් කරමින් අද අපි සුඛ විහරණයන්‍ගෙන් සුඛිත මුඛිත වූ පරිසරයක ජීවත් වෙමු.නමුදු මිනිසා අද මුහුණ පාන ගැටලු පැන නැගුනේ විද්‍යාව නිසා යැයි තකමින් විද්‍යාවටත් ,විද්‍යාඥයින්‍ටත් බලවත් විවේචනයන් එල්‍ල වෙමින් පවතී.මෙහිදී අප අවධාරණය කල යුතු කරුණු වන්‍නේ;විද්‍යාවත් මිනිසා ගේ නිර්‍මාණයක් බවත් ,එපමණක් නොවේ ස්‍වභාවයෙන්‍ම විද්‍යාව හොද ද නරක ද නොවන බවත් ය.එසේ නම් එහි හොද නොහොද තීරණය වෙන්‍නේ මිනිසාගේ නිගමනයන් හා ඔහු විද්‍යාව භාවිත කරන්‍නේ හොදට ද නරකට ද යන්‍න මතයි.
මුලු විශ්‍වයේ ම ජීවත් වන බුද්‍ධිමත්‍ම ,දියුණුම සත්‍ව කොට්‍ඨාශය අප යැයි සිතීම ප්‍රඥා ගෝචර නොවේ.සාධාරණ නොවේ.කිමද? එකල මෙන් නොව අද අප ;පෘථිවිය පවතින්‍නේ සූර්‍ය ග්‍රහ මණ්‍ඩලයක ,එවැනි සූර්‍ය ග්‍රහ මණ්‍ඩල රාශියක් අපේ චක්‍රාවාටයේ (ක්‍ෂීරපතයේ )පිහිටා තිබෙනවා ;එවැනි තවත් චක්‍රාවාට රාශියක් පිහිටා තිබෙනවා යැයි කියාවත් අඩුම තරමේ දැනුමක් හෝ අප සතු වන බැවිනි.
එසේ නම් අපි විශ්‍වයේ සංකීර්‍ණ ජීවී ජාලයක කොටසක් වන මෙන්‍ම පෘථිවියේ බුද්‍ධිමත්‍ම සත්‍වයා ලෙස ද අප විද්‍යාත්‍මකව ලබන ශක්‍තිය මනා කලමණාකරණයකට (Energy management) ලක් කල යුතුමය.අපගේ නව බලතල සහ කාර්‍මක ක්‍රියාවලි මගින් දැනටමත් ගැටලු රාශියක් පැන නගිමින් ස්‍වාභාවික චක්‍ර කෙරෙහි අනිසි බලපෑමක් ඇති කරමින් ස්‍වභාවධර්‍මයේ තුල්‍යතාව අවුල් කර ඇති බව කිව මනාය.මේ ක්‍රියා අපගේ අනාගත ජීවන පැවැත්‍මට සුවිශාල තර්ජනයකි.ඒ නිසා හොදම දේ ස්‍වභාවධර්‍මය සමග තරග නොකොට ඊට හැකි තාක් එකගව ජීවත් වෙමින් අප විද්‍යාත්‍මක පන්‍නරය ලැබීමයි.විද්‍යාව යනු පුඵල් සීමාරහිත අර්‍ථයකි.එය සැබවින්‍ම ගත් කල ස්‍වාභාවික සංසිද්‍ධීන් හා එවැනි සංසිද්‍ධීන් අතර පවත්‍නා අනොන්‍යය සම්‍බන්‍දතා පිලිබද අර්‍ථකථනයෙන් පුළුල් වු සංවිධානාත්‍මක දැනුමයි.මේ දැනුම ලබා ගැනීමට විද්‍යාඥයන් අනුගමනය කරනා ක්‍රමය නම් විද්‍යාත්‍මක ක්‍රමවේදය හෙවත් විද්‍යාත්‍මක ක්‍රමයයි.සමස්‍තයක් වශයෙන් ගත් කල එය පැහැදිලි අනුපිළිවෙලකින් යුක්‍ත වූ ස්‍වභාවධර්‍මය පිලිබද තොරතුරු එක් රැස් කරන කාර්‍යක්‍ෂම ආයුධයක් වන්‍නේ ය.
විද්‍යාත්‍මක ක්‍රමය…(Scientific method)
01.නිරීක්‍ෂණය.
02.අධ්‍යයනය කල යුතු වන්‍නාවූ ගැටලුව කුමක්‍දැයි පැහැදිළිව වැටහීම ලබා ගැනීම.
03.අදාල තොරතුරු එක් රැස් කිරීම.
04.කල්‍පිතයන් ගොඩ නැගීම.
05.කල්‍පිතයන් එකිනෙක විභාග කිරීම.
06.කල්‍පිතය ස්‍ථීර කිරීම,සංශෝධනය කිරීම එසේ නැතහොත් ප්‍රතික්‍ෂේප කිරීම.
Posted in විද්‍යාත්මක ලිපි
ඇයි ප්‍රශ්න යටතේ පලවෙන විද්‍යාත්මක හේතු ලිපි පෙලට අමතරව; විද්‍යාව සම්බන්ධව ලියවෙන විද්‍යාත්මක ලිපි පෙලක් අලුතින් ආරම්භ වනු ඇත. මෙහිදී “විද්‍යාව” බ්‍ලොග්හි පාඨකයන්ට ලිපි පල කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එකම කොන්දේසිය වනුයේ; විද්‍යාව සම්බන්ධව ලිපි ලිවිය යුතුය. ඒවා “විද්‍යාත්මක ලිපි” යටතේ පල කෙරෙනු ඇත.
මේ සදහා දායකත්වය ලබා දීමට කැමති අය වෙතොත්; ඒ බව දැනුම් දෙන්න. ඔබට wordpress හි account එකක් ඇත්නම්; එයට “විද්‍යාව” බ්ලොග් එකට ලිපි ලිවීමට අවසර ලබා දිය හැකි අතර; එසේ නොමැති නම් ඊ මේල් ඔස්සේ ලිපි එවිය හැකිය.
පාසල් සිසුන්, ගුරුවරුන්, විද්‍යාඥයින් ආදී මෙකී නොකී ඕනෑම කෙනෙකුට දායකත්වය ලබා දිය හැකි අතර මෙය අනාගත පරපුරට කරන දායාදයකි.
ස්තූතියි.
සැලකිය යුතුයි: මෙහි පලවන සෑම ලිපියක්ම creativecommons යටතේ පලවේ.
Posted in විද්යාත්මක ලිපි, සටහන්
වියළි වැලි මත ඇවිදීමට වඩා තෙත වැලි මත ඇවිදීම පහසු වනුයේ, එහිදී ජලය මැලියම් ආකාරයට ක්‍රියා කරන බැවිනි. වියළි වැලි මත අඩිය තැබූ විට වැලි කැට වලට එහා මෙහා වීමට නිදහස වැඩි බැවින් ගමන් කිරීම අපහසු කරවයි.
තෙත වැලි වල ඇති වැලි කැට, ඒවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවතී. වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදී ඇත්තේ අණු වලිනි. ජල අණු ජල අණු අතර ආකර්ෂණයක් ඇති අතර වෙන් කිරීමට ප්‍රතිරෝදයක් දක්වයි. මෙසේ අණු, ඒ වර්ගයේම අණු සමග එකිනෙක බැදී සිටීමට දක්වන කැමැත්ත “සංසක්ති” (cohesion) බලය ලෙස හඳුන්වයි.
ඊට අමතරව ජල අණු වැලි අණු වලටද ආකර්ෂණයක් දක්වයි. මෙසේ එකිනෙක වෙනස් අණු, ඒවා එකිනෙක බැදී සිටීමට දක්වන කැමැත්ත “ආසක්ති” (adhesion) බලය ලෙස හඳුන්වයි.
මෙම සංසක්ති හා ආසක්ති බල දුබල බලයන් වේ. එසේවුවත් තෙත වැලි වල, ජල අණු විශාල සංඛ්‍යාවක් වැලි අණු විශාල සංඛ්‍යාවක් සමග ඇලී පවතින බැවින් සැලකිය යුතු බලක් ඇති වේ.
මෙම ජල අණු, ජල අණු අතර ඇති සංසක්ත බලයත්, ජල අණු, වැලි අණු අතර ඇති ආසක්ත බලයත්; එකිනෙකට ආසන්නව ඇති වැලි කැට, එකිනෙකට අලවා තබා ගැනීමට උපකාරි වේ.
මේනිසා පුද්ගලයකු තෙත වැලි මත පා තබන විට, වැලි කැට එකිනෙකට ඇලී පවතින බැවින්, වියළි වැලි වලට වඩා තද බවකින් යුක්ත වීම, ඇවිදීම පහසු කරවයි.
පරීක්ෂාව: මෙම සංසක්ත හා ආසක්ත බලවල ක්‍රියාකාරීත්වය ගෙදරදීම ඔබට පරීක්ෂා කළ හැක. කෑම පිඟන් දෙකක් ගෙන, ඉන් එකක් මතුපිටට වතුර ස්වල්පයක් දමා අනිත් පිඟාන එය මත තබන්න. ඉන්පසු උඩ පිඟාන ගැලවීමට උත්සාහ කිරීමේදී, එය ගැලවීමට අපහසු බව ඔබට පෙනී යනු ඇත. මෙයට හේතුවත් ඉහත කී සංසක්ත හා ආසක්ත බලවල ක්‍රියාකාරීත්වයි.
Posted in ඇයි ?
බොහෝ කෘමීන්ට ඇත්තේ සංයුක්ත ඇස්ය. එනම් යම්කිසිවක ප්‍රතිබිම්බ ලබා ගැනීම සදහා එක් කාච කට්ටලයක් භාවිතා කරනවා වෙනුවට එවැනි කට්ටල බොහෝමයක් භාවිතා කරයි. මෙම කාච කට්ටල, ඉතා කුඩා ඇස් ලෙස දිස් වුවත්, ඇත්තෙන්ම ඉන් සෑදෙනුයේ එක් ප්‍රතිබිම්බයක් පමණි.
ඇත්තෙන්ම කෘමීන්ට ඇස් වලින් ඉටු වනුයේ ඉතා දුබල සේවාවක්ය. උදාහරණයක් ලෙස පලතුරු මැස්සෙකුට තවත් පලතුරු මැස්සෙකු පෙනීමට නම්, ඌ සෙන්ටිමීටර 3 ටත් වඩා එම මැස්සාට ලං විය යුතුය.
Posted in ඇයි ?
ඔව් අශ්වයන්ට හිටගෙන නිදා ගත හැක.
අප හිටගෙන සිටින අතර නින්දට වැටුනහොත්, ටික වේලාවකින් අපගේ මස් පිඩු ලිහිල් වී, අපව බිමට ඇදගෙන වැටෙනු ඇත. එයට හේතුව හිටගෙන සිටීමට අපගේ මාංශපේශි කීපයක් ආතතිව පැවතිය යුතු අතර එය සචේතනිකව පාලනය (conscious control) වන්නකි. අප නින්දට වැටෙන විට මෙම සචේතනිකව පාලනය නැති වන අතර, මෙනිසා අපට හිටගෙන සිටිය නොහැක.
බොහෝ විට අශ්වයන් නිදා ගැනීමට බිම දිගා වන නමුත්, උන්ට හිටගෙන අඩ නින්දට පිවිසිය හැක. මෙයට හේතුව කැලෑ අශ්වයන්, උන්ට යම්කිසි අනතුරක් දැනුණු විගස ඉක්මනින් දිවීමට හැකි නිසා හිටගෙන සිටින අතර තුර අඩ නින්දට වැටෙයි. එසේම නිතර නිතර වාඩි වී නැගිටීමෙදී උන්ගේ හන්දි වලට සිදුවන හානියද මෙයින් අවම වේ.
මේ සදහා අශ්වයන්ට පරිනාමයෙන් ලැබී ඇති “stay apparatus” නම් උපක්‍රමය උපකාරී වේ. එනම් මාංශපේශි ලිහිල් වුවත් හිටගෙන සිටිය හැකි වනසේ ස්නායු හා අස්ථිබන්ධන සකස් වීමයි. එසේම මෙම stay apparatus උපක්‍රමය හිටගෙන සිටින විට ඇති වන තෙහෙට්ටුව අවම කර ගැනීමටත් උන්ට උපකාරී වේ.
Posted in ඇයි ?
මල්වෙඩි වල නිපැයුම් කරුවෝ චීන ජාතිකයන්ය. ඒ මීට අවුරුදු 1000 කටත් එපිටදීය.
මල්වෙඩි අදියර දෙකකින් යුත් රොකට්ටුවක් ලෙස සිතිය හැක. පලමු අදියර නිපදවා ඇත්තේ වෙඩි බෙහෙත් උපයෝගි කර ගෙනය. එයත් චීන ජාතිකයින්ගේ සොයා ගැනීමකි. වෙඩි බෙහෙත් දහනයෙන් නිපදවන රත් වූ වායූ දාරාව පහලින් ඇති කුඩා සිදුරකින් පිට වීමට සැලසීමෙන් මල්වෙඩි ඉහල අහසට යයි. පලමු අදියරේ දහනය අවසන් වූ විට දෙවන අදියරේ දහනය ආරම්භ වේ.
දෙවන අදියරේදී දහනය සිදුවනුයේ සම්පූර්ණයෙන්ම වැසුණු කුටියක් තුලය. මේ සදහා වෙඩි බෙහෙත් වලට අමතරව ඔක්සිකාරක ද්‍රව්‍යක්ද එය තුල අඩංගු කර ඇත. මෙම ඔක්සිකාරක ද්‍රව්‍යයෙන් සපයන ඔක්සිජන්; දහනය වේගවත් කරන අතර, එනිසා කුටිය තුල පීඩනය වැඩි වී විශාල ශබ්දයක් නගමින් පුපුරා යයි. එසේම නොයෙකුත් ලෝහ වර්ග මෙම කුටියට අඩංගු කිරීම තුලින් ඒවා දහනයෙන් ඇතිකරන වෛවර්ණ ගිනි පුළිඟු මල්වෙඩි අලංකාර කරයි.
මුලින්ම අප ජල අණු, තාපය හෝ රත්වීම හා අනුනාදය ගැන ටිකක් විමසමු. ජල අණුවක් සෑදී ඇත්තේ හයිඩ්‍රජන් (H) පරමාණු 2 ක් හා ඔක්සිජන් (O) පරමාණුවක් , (H2O),එකට බන්ධනය වීමෙනි . ජල බිංදුවක මෙවැනි H2O අණු ට්‍රිලියන ගණනක් ඇති අතර ඒවා නිරන්තර චලිතයක යෙදෙමින් පවතී. ඒවා එකිනෙකට සාපේක්ෂව එහාමෙහා යමින්ද, කැරැකැවෙමින්ද එපමණක් නොව ඒවායේ පරමාණු අතර කම්පනයටද බඳුන්ව පවතී. උෂ්ණත්වයෙන් වැඩි ජල බිංදුවක මෙවැනි චලන හා කම්පන වේගවත්ව පවතී. එනම් තාපය හෝ රත්වීම යනු මෙම අණු අතර ඇති අනිශ්චලතාවයයි.
එසේම යම් වස්තුවක් හෝ අණුවක් එහි ස්‍වාභාවික කම්පන සංඛ්‍යාතයට පැමිණි විට වේගයෙන් කම්පනය වීමට පටන් ගනී. මෙය අනුනාදය ලෙස හැදින්වේ. මෙය පිලිබඳව අප ඉදිරියේදී (වෙනත් ඇයි ? ගැටළුවකදී) වැඩිදුර කතා කරමු.
මයික්‍රෝවේව් උදුන මගින් ජල අණුවල ස්‍වාභාවික කම්පන සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් යුත් ක්ෂුද්‍ර තරංග නිකුත් කරයි. මෙනිසා ජල අණු අනුනාද වී වේගයෙන් කම්පනය වේ. මෙසේ වේගයෙන් කම්පනය වන ජල අණු අනිකුත් අණු (කෑම අණු) මත හැපීමෙන් ඒවායේ කම්පන වේගයද වැඩි කරයි. මෙසේ අණු කම්පන වේගය වැඩි වීම අපගේ කෑම උණුසුම් වීමට හේතු වේ.
දේදුන්නක් යනු සොබාදහමේ හට ගන්නා ඉතා චමත්කාරජනක සංසිද්ධියකි. සාමාන්‍යයෙන් වැස්ස අවසන් වී හිරු එළිය මුලින්ම පතිත වනවිට දේදුනු හට ගනී. නමුත් ඉතා කුඩා වතුර බිඳිති හරහා හිරු එළිය ගමන් ගන්නා කුමන අවස්ථාවක වුවද දේදුන්නක් දිස්විය හැක.
වැහි බිංදු හෝ වතුර බිංදු හරහා හිරු එළිය ගමන් කිරීමේදි සිදුවන වර්තනය (refraction) (නැමී ගමන් කිරීම) මෙයට හේතු වේ. මෙහිදී වැහි බිංදු ප්‍රිස්මයක් ආකාරයට කියා කරයි. සුදු අලෝකය (හිරු එළිය) සෑදී ඇත්තේ වර්ණ සමුහයකින් සමන්විත වර්ණාවලියකිනි. සුදු අලෝක කිරණ ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී මෙම වර්ණාවලියට බෙදී ගමන් කරයි. කෙටි තරංග ආයාමයකින් යුත් අලෝක කිරණ ප්‍රිස්මය තුලදී වැඩියෙන් නැමී ගමන් කරයි. මෙනිසා දේදුන්නක් ඇති විමේදී එහි වර්ණ පිළිවෙලින් (ඇතුල් පැත්තේ සිට) දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිළි හා රතු ලෙස දිස් වේ.
වතුර ස්ප්‍රේ යන්ත්‍රයකින් හිරු එළිය දෙසට එල්ල කර ස්ප්‍රේ කිරීමෙන් ඔබටද කුඩා දේදුන්නක් නිර්මාණය කර ගත හැක.
Posted in ඇයි ?